‘ද්‍රෝහීන් පලවා හැර විදේශ ආක්‍රමණවලින් රට බේරා ගනිමු’ වැනි සටන් පාඨ දැන් අවශ්‍යයි – කේ.ඩී. ලාල්කාන්ත

0
61

‘ද්‍රෝහීන් පළවාහැර විදේශ ආක්‍රමණවලින් රට බේරා ගනිමු’ වැනි සටන් පාඨ මඟින් ජනතාව ඒකරාශී කිරීමේ යුගයක් පැමිණ ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා ඊයේ (24) ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ මූලස්ථානයේ වරාය නැඟෙනහිර ජැටිය අර්බුධය පිළිබඳව පැවැති මාධ්‍ය හමුවේදී පැවැසුවේය.

මේ වන විට ආණ්ඩුව විසින් කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය විකිණීමට සාකච්ඡා කර ඇති බවත් මෙමඟින් අපේ රට වේගයෙන් ආර්ථික ආක්‍රමණයකට යටත් වෙමින් ඇති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

ඇමරිකාව, චීනය, ඉන්දියාව ආයුධ නොපෙන්වා ලංකාව වැනි රටවල් ආක්‍රමණය කර ගන්නා බවත් එමඟින් යුදමය ආක්‍රමණයකට වඩා ආර්ථික ආක්‍රමණයක් ඩොලර් හරහා සිදුකරමින් පවතින බවත් පැවසූ ඒ මහතා ලංකාව ඩොලර් හිඟාකන ජාතියක් බවට පත්ව ඇති බැවින් රටට අයත් ඉඩම්, ඒ මත ඇති දේපොළ, ගුවන, මුහුද මෙන්ම ප්‍රජාව වැනි රටට අයිති සියල්ලම විදේශ ආක්‍රමණයන්ට ගොදුරු වී ඇති බව පැවසීය.

 

නදී මාණික්කගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here