පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකුට ඇප

0
143
පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැර තිබේ. මඩකලපුව මහාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇත.
 
අද දිනයේදී සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස මඩකළපුව මහාධිකරණ විනිසුරු නියෝග කරනු ලැබීය.
 
2005 වර්ෂයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු නැගෙනහිර පළාත් මහ ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු 05 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here