රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිල්ලෙයාන් ඇතුළු පහකට ඇප

0
67

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5දෙනා ඇප මත මුදා හැර තිබේ.

අද මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී විනිසුරු ටී. විග්‌නේෂ්වරන් මහතා විසින් එම නියෝගය ලබා දී ඇත.
2005 වර්ෂයේදී නත්තල් දින මඩකලපුව ශාන්ත මරියා දේවස්ථානයේ පැවැති උදෑසන දේවමෙහෙය අතරතුර මඩකලපු දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතාගේ ඝාතනයට ලක්විය.
ඒම සිද්ධිය සම්බන්ධයෙන් පිල්ලෙයාන් ඇතුළු 5දෙනෙකු බන්ධනාගාර ගත කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here