වත්මන් ආණ්ඩුව වනාන්තර විනාශ කළා

0
66

වත්මන් ආණ්ඩුව බලයට පත් වූ දා පටන් වනාන්තර විශාල ප්‍රමාණයක් විනාශ කරමින්, තවත් අක්කර ලක්ෂ ගණනක් විනාශ කිරීම සඳහා සැලසුම් කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.  ආණ්ඩුව විසින් සිදු කරන මහා වන සංහාරය සහ පරිසර දුෂණයට එරෙහිව “පරිසර හඬ” සංවිධානය විසින් සංවිධානය කර තිබූ නිහඬ විරෝධතාවකට එක් වෙමින් ඊයේ (24) ඔහු මේ බව සඳහන් කළේය.

නුගේගොඩ පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිට පැවැති මෙම විරෝධතාවට පරිසර ක්‍රියාකාරීන් පිරිසක් සහ ජනතා නියෝජිතයන් කිහිප දෙනකු ද එක් වූහ.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වූ රුවන් විජයවර්ධන මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ වනාන්තර පද්ධතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් 2001 වසරේදී එක්සත් ජාතික පක්ෂ පාලන සමයේදී නිකුත් කළ 05/2001 චක්‍රලේඛය අහෝසි කරමින් අද මේ ආණ්ඩුව වන සම්පත බහුජාතික සමාගම් වලට සහ හිතවතුන්ට ලබා දීමට ක්‍රියාකරමින් සිටින බව යි.

එමෙන්ම ආණ්ඩුව විසින් මෙම දැවැන්ත පරිසර විනාශය නතර නොකරන්නේ නම් ඉදිරියේ දී දැවැන්ත විරෝධයක් රට පුරා අරඹන බවද සදහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ පරිසරවේදී ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය සඳහන් කළේ නඩු තීන්දුවල නියම වුවද කිසිදු පුද්ගලයෙකුට විනාශ කළ වනාන්තරයක් පරිසර පද්ධතියක් කිසිදු ලෙසකින් නැවත ප්‍රති නිර්මාණය කළ නොහැකි බවයි.

ශිරෝමි අබයසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here