වාරි ව්‍යාපෘතිවලට ඉඩම් ගැනීමේදී ව්‍යාපෘතිය ආරම්භයට පෙර වන්දි දෙන්න – ඇමැති චමල් රාජපක්ෂ

0
67

යාපනය ප්‍රදේශයේ සිවිල් ක්‍රියාකාරීන් දෙදෙනකු වන ලලිත් වීරරාජ් හා කූගන් මුරුගානන්දන් 2011 වසරේදී පැහැරගෙන ගොස් අතුරුදන් කර වීම සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයක සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දන්වමින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නිකුත් කර තිබූ සිතාසිය බල රහිත කරමින් අභියාචනාධිකරණය ඊයේ (24) රිට් ආඥාවක් නිකුත් කළේය.  ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර සහ සන්ධ්‍යා කරුණාරත්න

වාරිමාර්ග ව්‍යාපෘති සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේදී ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර එම ඉඩම් සඳහා වන්දි ලබා දීම සිදු කළ යුතු බව වාරිමාර්ග, අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය ඇමැති චමල් රාජපක්ෂ මහතා වාරිමාර්ග කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට එක් වෙමින් පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ඉඩම් අහිමිවන ජනතාවගේ තෘප්තිය පිළිබඳවත් අවධානය යොමු කළ යුතු අතර නිරතුරුව ජනතාවට සාධාරණයක් ඉෂ්ට වන ලෙස වන්දි ලබා දී ඔවුන්ගේ ආශීර්වාදය ද අදාළ ව්‍යාපෘතියට ලබා ගත යුතු බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. මේ සඳහා අවශ්‍ය පියවර වහාම ගන්නා ලෙස ද අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.

උමා ඔය බහුකාර්ය ජල යෝජනා ක්‍රමයේ ඉඩම් අහිමි වූ පවුල් 6000කට පමණ තවමත් වන්දි හිමි නොමැති බව මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අමාත්‍යවරයාගේ අවධානයට යොමුකළ අවස්ථාවේදී චමල් රාජපක්ෂ මහතා බේ බව පැවසුවේය.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ සම්පූර්ණ වැඩකටයුතු ලබන වසරේ ජූනි වන විට අවසන් වන බවත් ඒ අනුව ලබන පෙබරවාරි වන විට මෙම ආයෝජනයේ ප්‍රතිලාභ ලැබෙන ප්‍රධාන අංගයක් වන විදුලි බල ජනනය මෙගා වොට් 120 ක ධාරිතාවකින් යුතුව ජාතික විදුලි බල පද්ධතියට එක්වීමට නියමිත බවත් මෙහිදී අනාවරණය විය.

තවද මේ සදහා අවශ්‍ය සියලු ප්‍රතිපාදන අයවැය යටතේ වෙන්වී ඇති බවද මේ අනුව ලබන ජූනි වන විට වැව් 355කට ආසන්න ප්‍රමාණයකට ද ජලය සපයමින් මෙම ව්‍යාපෘතිය විවෘත වීමට නියමිතව තිබෙන බව අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායක මහතා පැවසීය.

නෙල්කා මැදගෙදර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here