ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනය විසින් තහනම් උත්තේජක චෝදනා යටතේ වියට්නාම බර ඉසිලීමේ ක්රීඩකයකුට හා ක්‍රීඩිකාවකට 2020 ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි සිවු අවුරුදු තහනමක් පනවයි. මේ පිළිබඳ ඊයේ දිනයේ වියට්නාම ක්‍රීඩා පරිපාලනයට ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනය ලිඛිතව දැනුම් දී ඇත.
මේ හේතුවෙන් එම බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනාට ලබන වසරේ ටෝකියෝ ඔලිම්පික් උළෙල අහිමිවී යනු ඇත.
මාංශ පේශි පටක වර්ධනයට අනුබල දෙන ඇනබලික් ස්ටෙරොයිඩ් භාවිතා කර ඇති බවට නුජෙන් ති තු ට්‍රැන්ග් හා බුයි ඩින් සැන්ග් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනා මෙලෙස දඬුවම් ලැබූහ. ලෝක මත්ද්‍රව්‍ය නාශක විරෝධී රෙගුලාසි වලට අනුකූලව අන්තර්ජාතික පරීක්ෂණ ඒජන්සිය විසින් මෙම පරීක්ෂණ සිදුකර ඇත.