ස්පාඤ්ඤයේ 06වන පිලිප් රජුට කොරෝනා

0
79
ස්පාඤ්ඤයේ හයවන පිලිප් රජුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
 
වෛරසය ආසාදිත පුද්ගලයෙකු සමඟ සම්බන්ධතා පැවැත්වීමකින් පසු දින දහයක නිරෝධායන කාලයකින් පසු සිදු කළ පරික්‍ෂාවකින් මේ බව තහවුරු වී ඇත. 
 
52 හැවිරිදි රජතුමා පිළිබඳ වැඩිදුර විස්තර කිසිවක් මාළිගා ආරංචි මාර්ග සදහන් නොකරන බව බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ. 
 
රජතුමාගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා වෙතින් කිසිදු සංකූලතාවයක් පෙන්නුම් කර නොමැති බවද සදහන්වේ. 
 
වසංගතය ආරම්භ වූ දා සිට ස්පාඤ්ඤයේ රෝගීන් මිලියන 1.6 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මරණ 43,131 ක් වාර්තා වී තිබේ.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here