ස්වජාතික නිෂ්පාදකයන් සුරක්ෂිත කිරීමට රජය මැදිහත් වෙනවා – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

0
78

‘ස්වජාතික නිෂ්පාදකයන් වඩාත් සුරක්ෂිත කිරීමට රජය මැදිහත්ව කටයුතු කරනවා.’ යැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (23) මීගමුව ප්‍රදේශයේ පිහිටි IDEA ආයතනය හා එහි නිෂ්පාදන පිළිබඳ නිරීක්ෂණ චාරිකාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේ ද කීය.

‘මේ රටේ නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් රටවල් දහයකට පමණ අපනයනය කරන මේ නිෂ්පාදනය සිදු කිරීමට ජාතික විශ්වවිද්‍යාලයකින් බිහි වූ ඉංජිනේරුවන් කටයුතු කිරීමත්, රටේ මෙවැනි නවෝත්පාදන සිදු කර ජාත්‍යන්තරය ජය ගත හැකි අයුරින් ව්‍යාපාරය පවත්වා ගැනීමත් සම්බන්ධයෙන් රජයක් වශයෙන් අප අතිශය සතුටු වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව මෙවැනි අපනයන දිරිගැන්වීමට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය දීමට අප කටයුතු කරනවා. දේශීයත්වයට මුල්තැන දෙන ජාතික ලාංකීය ව්‍යාපාර දිරිගැන්වීමටත් රජයේ සහයෝගය ලබා දෙනවා.’

 

අනුර ප්‍රේමලාල්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here