සියලු සහනාධාර ජනතාවට නොපිරිහෙළා ලබා දෙනවා මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ

0
59

 

ජනතාවට දෙන සියලු සහනාධාර නොපිරිහෙළා ලබා දෙන අතර, ඒ ගැන කවුරුත් කලබලයට පත්විය යුතු නැතැයි ද, කිසිම අවස්ථාවක ජනතාව අසීරුතාවට පත් කිරීමට ඉඩ තබන්නේ නැතැයි ද

කොළඹ දිස්ත්‍රික්ක සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ‘දිනමිණ’ කළ විමුසුමකට පිළිතුරු දෙමින්ය. එහිදී වැඩිදුරටත් මන්ත්‍රීවරයා මෙසේද කීය.

මේ අවස්ථාව වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නාගරික සීමාව තුළ විශේෂයෙන් මහල් නිවාස සංකීර්ණ හතක් කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වසංගතය නිසා හුදෙකලා කර තිබෙනවා. මොරටුවේත් එක් මහල් නිවාස සංකීර්ණයක් හුදෙකලා කර තිබෙනවා. ඒ මහල් නිවාසවල කොවිඩ් 19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් සිටි නිසයි, මෙසේ හුදෙකලා කර තිබෙන්නේ. එහිදි අප නිරෝධායන වන පවුල් වෙනුවෙන් සති දෙකකට අවශ්‍ය ආහාර මල්ලක් ලබා දුන්නා. නැවත වතාවක් සෞඛ්‍ය අංශවල උපදෙස් මත මේ මහල් නිවාස හුදෙකලා කළොත් ඒ අයට ආධාර ලබා දෙන්න කටයුතු තීරණය කර තිබෙනවා.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ දෛනික ජීවනෝපාය අහිමි වූ ජනතාවට රුපියල් පන්දහසේ දීමනාව මේ වනවිට 90%කට දෙන්න පියවර ගෙන තිබෙනවා. මේ කටයුතු සිදුකෙරෙන්නේ සෞඛ්‍ය අංශයේ උපදෙස් මතයි. යම් ප්‍රමාදයන් වුණානම් දුවුණේ ජනතාව ඒකරාශී කිරීමේ හැකියාව නැති වූ නිසයි. භාණ්ඩාගාරය අවශ්‍ය සියලු මුදල් අපට ලබාදී තිබෙනවා. මෙම මුදල් දිසාපති මාර්ගයෙන් සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත යවා තිබෙනවා.

රුපියල් පන්දහසේ දීමනාව ලැබු ජනතාව මේ ආකාරයට විරෝධතා දැක්වීමට ඒකරාශිවීම මෙම වසංගතය පැතිරවීමට රුකුලක්. ඒ නිසා මේ පසුපස සිටින දේශපාලන නායකත්වයක් හෝ වෙනත් පිරිසක් සිටිනවා නම් ජනතාව දැනුවත් කරන්න අවශ්‍යයි. ඒ නිසා අප කාගෙත් යුතුකම ජනතාවට හැකි පමණ උදව් උපකාර කිරීමයි. ඉදිරියේදී මහල් නිවාස හුදෙකලා කිරීමේදී ඒ ආශ්‍රිතව අසීරුතාවට පත්වන ජනතාවට කුමන ආකාරයට සහනාධාර සපයන්නේ ද යන්න ගැන තීරණයක් ගත්තා. ඒ ගැන ජනාධිපති කාර්යසාධක බළකායට ඉදිරිපත් කිරීමටත් තීරණයක් කළා.

 

අනුර ප්‍රේමලාල්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here