එල්පීඑල් අද ඇරඹේ

0
43
Author(s): 
ෆවුස් මොහොමඩ්

ක්‍රිකට් ලොව කලඹා පිටිය යළි සරසා එක්ව ජයගමු – ලොවම ජයගමු එල්පී­එල් අද ඇරඹේ 

ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශ කතාවේ නව පිටුවක් පෙරළමින් ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) තරගාවලිය අද අන්තර්ජාතික ‘ෆ්‍රැන්චයිස්‘ ලීග් ක්‍රිකට් තරගබිමට මුසු වෙයි. අයිපීඑල් තරග මුහුණුවරේ ශ්‍රී ලාංකේය පිටපත වන එල්පීඑල් තරගාවලිය මෙරට ප්‍රධාන නගර 5ක් කේන්ද්‍ර කරමින් කණ්ඩායම් පෙළ ගස්වා ඇති අතර, සමස්ත තරගාවලිය පැවැත්වෙන්නේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය. කොවිඩ් වසංගතයේ දෙවැනි රැල්ලේ ව්‍යාප්තිය හේතුවෙන් රජය විසින් පනවනු ලැබූ දැඩි සෞඛ්‍ය නීති රෙගුලාසිවලට අනුකූලව පැවැත්වෙන එල්පීඑල් තරගාවලියට දේශීය ක්‍රීඩකයන් 75ක් සහ විදේශීය ක්‍රීඩකයෝ 35ක් එක්වී සිටිති.

තරගාවලියේ සමාරම්භක උලෙළ අද පස්වරුවේ කොවිඩ් සෞඛ්‍ය නීතිරෙගුලාසිවලට අනුව පළමුවරට ‘ඔන්ලයින්‘ ක්‍රමවේදයකට අනුව පැවැත්වෙන අතර, ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා වීඩියෝ තාක්ෂණය මගින් ඊට එක්වීමට නියමිතය. ජයග්‍රාහකයන්ට පිරිනැමෙන එල්පීඑල් කුසලානය නිරාවරණය කිරීම ද සමාරම්භක උලෙළේදි සිදුවනු ඇතැයි වාර්තා වේ.

එල්පීඑල් පළමු තරගය අද පස්වරු 7.30ට ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු කලම්බු කිංග්ස් සහ කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් යුත් කැන්ඩි ටස්කර්ස් පිල අතර පැවැත්වෙයි. සියලු තරග ස්වාධීන රූපවාහිනි සේවයේ වසන්තම් චැනලය ඔස්සේ සජීවිව විකාශය කෙරේ.

පාලනය අතට ගැනීමට කලම්බු කිංග්ස්

ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් තරග වදින කලම්බු කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන්නේ හර්ෂල් ගිබ්ස් විසිනි. ඩුබායි කේන්ද්‍ර කරමින් ව්‍යාපාර කටයුතු මෙහෙයවන ඉන්දිය ව්‍යාපාරික මුර්ෆාඩ් මුස්තාෆාගේ ‘ෆසා සමූහ ව්‍යාපාරය‘ කලම්බු කිංග්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය දරයි.

පිතිකරුවෝ – ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ළහිරු උදාර, රවින්දර්පාල් සිං, ලෝරි එවන්ස්, ඩැනියෙල් බෙල් ඩ්‍රමන්ඩ්, කරිම් සදීක්, නවෝද් පරණවිතාන

තුන්ඉරියව් ක්‍රීඩකයෝ – ඇන්ඩ්‍රි රසල්, තික්ෂිල ද සිල්වා, අෂාන් ප්‍රියංජන

දඟපන්දු යවන්නෝ – අමිල අපෝන්සු, ජෙෆ්රි වැන්ඩේසේ, තරිඳු කෞෂාල්, කයිස් අහමඩ්, තරිඳු රත්නායක

වේගපන්දු යවන්නෝ – ඉසුරු උදාන, දුෂ්මන්ත චමීර, ධම්මික ප්‍රසාද්, මන්ප්‍රීට් සිං, කළණ පෙරේරා, හිමේෂ් රාමනායක

උතුරුකරෙන් එන ‘වාඩා මචං‘ ජැෆ්නා ස්ටැලියන්ස් සූදානම්

තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් පිලේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන්නේ තිළිණ කණ්ඩම්බි විසිනි. බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මූල්‍ය සමාගමක් වන බ්‍රින්ඩන් බාගිරදන් ආයතනය කණ්ඩායමේ හිමිකරු වන අතර, එම්12 ආයතනය සමහිමිකරු ලෙස කටයුතු කරයි.

පිතිකරුවෝ – අවිශ්ක ප්‍රනාන්දු, ජොන්සන් චාල්ස්, මිනෝද් භානුක, ටොම් මුවර්ස්, චතුරංග ද සිල්වා, උස්මාන් ශින්වාරි, චරිත් අසලංක, තේවින්දිරම් දිනෝෂන්, කනගරත්නම් කපිල්රාජ්, නුවනිඳු ප්‍රනාන්දු

තුන්ඉරියව් ක්‍රීඩකයෝ – තිසර පෙරේරා, සොහේබ් මලික්, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග

දඟපන්දු යවන්නෝ – ප්‍රභාත් ජයසූරිය, මහේෂ් තීක්ෂණ, විජයකාන්ත්, වියස්කාන්ත්,

වේගපන්දු යවන්නෝ -සුරංග ලක්මාල්, බිනුර ප්‍රනාන්දු, ඩුවේන් ඔලිවර්, කයිලි ඇබෝට්, සෙබස්තියන්පිල්ලේ විජයරාජ්

ඓතිහාසික මහනුවරට ආවේණික කැන්ඩි ටස්කර්ස්

සුපිරි ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා නායකත්වය දරන කැන්ඩි ටස්කර්ස් පිලේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායකයකු වන හෂාන් තිලකරත්න විසිනි.

බොලිවුඩ් නළුවකු, අධ්‍යක්ෂවරයකු සහ නිෂ්පාදකයකු වන සොහේල් ඛාන් කැන්ඩි ටස්කර්ස් පිලේ හිමිකරු ලෙස කටයුතු කරයි.

පිතිකරුවෝ – කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ප්‍රියමල් පෙරේරා, බ්‍රෙන්ඩන් ටේලර්, රහ්මනුල්ලා ගුර්බාස්, නිෂාන් මධුෂ්ක

තුන්ඉරියව් ක්‍රීඩකයෝ – කවිෂ්ක අංජුල, සීකුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න, කමිඳු මෙන්ඩිස්, ළහිරු සමරකෝන්, ඉෂාන් ජයරත්න

දඟපන්දු යවන්නෝ – ඩිල්රුවන් පෙරේරා, ලසිත ඇඹුල්දෙණිය, කෙවින් කොත්තිගොඩ, චාමිකර එදිරිසිංහ

වේගපන්දු යවන්නෝ – නුවන් ප්‍රදීප්, විශ්ව ප්‍රනාන්දු, ඉර්ෆාන් පතාන්, මුනාෆ් පටේල්, ඩේල් ස්ටේන්, නවීන් උල් හක්‘, සොහේල් තන්වීර්

තෝර් දෙවියන්ගේ පුත්‍රයෝ දඹුල්ල වයිකින්

නායකයා නිශ්චිතව නම් කර නොමැති දඹුල්ල වයිකින් කණ්ඩායමේ පුහුණුකරු ලෙස එංගලන්ත පිලේ හිටපු ක්‍රීඩක උවෙයිස් ෂා කටයුතු කරයි. බොලිවුඩ් නළු සචින් ජේ. ජොෂීගේ වයිකින් වෙන්චර්ස් පුද්ගලික සමාගම දඹුල්ල වයිකින් කණ්ඩායමේ හිමිකාරීත්වය දරයි.

පිතිකරුවෝ – නිරෝෂන් දික්වැල්ල, ඕෂද ප්‍රනාන්දු, උපුල් තරංග, ඇන්ජෙලෝ පෙරේරා, පෝල් ස්ටර්ලිං, අෂේන් බණ්ඩාර

තුන්ඉරියව් ක්‍රීඩකයෝ – දසුන් ශානක, ළහිරු මධුසංඛ, රමේෂ් මෙන්ඩිස්, සමිට් පටේල්, සමියුල්ලා ශින්වාරි,

දඟපන්දු යවන්නෝ – පුලින තරංග, මලින්ද පුෂ්පකුමාර, කවිඳු නදීෂාන්, සචිඳු කොළඹගේ,

වේගපන්දු යවන්නෝ – ළහිරු කුමාර, කසුන් රාජිත, අන්වර් අලි, සුදීප් ත්‍යාගි, අෆ්ටාබ් අලාම්, ඩිල්ෂාන් මධුසංඛ

ගාලු කොටුවේ අභිමානය ගෝල් ග්ලැඩියේටර්ස්

විස්සයි20 අන්තර්ජාතික තරග බිමේ සුපිරි තරුවක් වන පාකිස්තානයේ හිටපු නායකයකු වන ශහීඩ් අෆ්රිඩිගේ නායකත්වයෙන් යුතු ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ පුහුණුකරු ලෙස පාකිස්තා

නයේ හිටපු නායකයකු වන මොයින් ඛාන් කටයුතු කරයි. කරච්චි නුවර කේන්ද්‍ර කරගත් ව්‍යාපාරිකයකු වන නදීම් ඔමාර් මේ කණ්ඩායමේ හිමිකරුවා ය.

පිතිකරුවෝ – භානුක රාජපක්ෂ, ධනුෂ්ක ගුණතිලක, චැඩ්වික් වෝල්ටන්, හස්රතුල්ලා සසායි, අහ්සාන් අලි, අසාම් ඛාන්, සහන් ආරච්චිගේ

තුන්ඉරියව් ක්‍රීඩකයෝ – ශහීඩ් අෆ්රිඩි, මිලින්ද සිරිවර්ධන, ශෙහාන් ජයසූරිය, අබ්දුල් නසීර්, ධනංජය ලක්ෂාන්, චානක රුවන්සිරි,

දඟපන්දු යවන්නෝ – අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, දුවිඳු තිලකරත්න

වේගපන්දු යවන්නෝ – මොහොමඩ් ආමීර්, අසිත ප්‍රනාන්දු, නුවන් තුෂාර, මොහොමඩ් ශිරාස්, වකාස් මක්සූඩ්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here