කැලෑ පාළුවන්ට නීතිය දැඩිව – ඇමැති සී. බී. රත්නායක

0
42
Author(s): 
ස්වර්ණා විජේකෝන්
නුවන් කොඩිකාර
සන්ධ්‍යා කරුණාරත්න

වනාන්තර විනාශ කරන පුද්ගලයන්ට එරෙහිව දේශපාලන පක්ෂ පාට භේදයෙන් තොරව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව වන ජීවි හා වන සංරක්ෂණ ඇමැති සී. බී. රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) ප්‍රකාශ කළේය. පුත්තලම, වනාතවිල්ලුව, එළුවන්කුලම ප්‍රදේශයේ වනාන්තරයක් ගිනි තබා විනාශ කිරීමේ සිදුවීමට අදාළව පුද්ගලයන් 13 දෙනකු සැක පිට අත්අඩංගුවට ගෙන ඇති බවද ඇමැතිවරයා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

අදාළ සිදුවීමට සම්බන්ධ අයට එරෙහිව පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති බවද ඇමැතිවරයා පැවසීය.

පාට, පක්ෂ දේශපාලන භේද නොසලකා වනාන්තර විනාශය සිදු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට තමා කිසිවිටෙකත් පසුබට නොවන බවද ඇමැතිවරයා අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here