නව කොරෝනා වයිරසයට එරෙහිව නිෂ්පාදනය කළ ‘ස්පුට්නික් 5’ එන්නත සියයට 95ක්ම සාර්ථක වී ඇතැයි එම එන්නතේ සායනික අත්හදා බැලීම්වල දෙවැනි අන්තර්කාලීන විශ්ලේෂණ දත්ත නිකුත් කරමින් රුසියානු පර්යේෂකයන් ප්‍රකාශ කර තිබේ. පළමු මාත්‍රාව ලබාදීමෙන් දින 42කට පසු ලබාගත් මූලික දත්ත පදනම් කර ගෙන එම විශ්ලේෂණ සිදුකර තිබේ.
රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය, රුසියානු රජයේ පර්යේෂණ මධ්‍යස්ථානය සහ රුසියානු ආයෝජන අරමුදල මඟින් මේ එන්නතේ සාර්ථකත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක්ද නිකුත් කර තිබේ. එම එන්නතේ සායනික පරීක්ෂණවල අවසන් අදියර සඳහා පුද්ගලයන් 40,000ක් පමණ සහභාගිවී සිටින අතර, කොරෝනා වයිරසයට එරෙහි ලොව ප්‍රථම එන්නත තම රටේ නිෂ්පාදනය කිරීම පිළිබඳ ආඩම්බර වන බව රුසියානු අගමැති මිකායිල් මිෂුස්ටින් මහතා පවසා ඇත.