අයිසීසී මුල් පුටුව නවසීලන්තයේ ග්‍රේග් බාක්ලේට

0
44

ජගත් ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස නවසීලන්ත ජාතික ග්‍රේග් බාක්ලේ පත් වෙයි.

මේ සඳහා පැවැති ඡන්ද විමසීමේදී සාමාජිකයන් 16 දෙනා අතුරින් බාක්ලේට ඡන්ද 11ක් හිමි විය. ඔහු සමඟින් තරග කළ සිංගප්පූරුවේ ඉම්රාන් කවාජාට හිමි වූයේ ඡන්ද 5ක් පමණි.

මේ සඳහා අයිසීසී පූර්ණ සාමාජිකත්වය ලැබූ (ටෙස්ට් ක්‍රීඩා කරන) රටවල් 12ක් ඇතුළු ඡන්ද 16ක් තිබේ. තනතුරට පත්වීමෙන් පසු බාක්ලේ මහතා ප්‍රකාශ කර ඇත්තේ තිරසාර නොවන ගෝලීය ක්‍රිකට් දින දර්ශනය මූලික වශයෙන් විමර්ශනය කළ යුතු බවත්, මේ වසර මුලදී පාලක මණ්ඩලයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී මනු සව්නි විසින් ඉදිරිපත් කළ ගෝලීය ඉසවු ප්‍රතික්ෂේක කළ යුතු බවත්ය.

ඉන්දියාව, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව යන රටවලට ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමුඛත්වය හිමි විය යුතු බවට හඳුන්වන ‘බිග් 3’ සංකල්පයට ද නව සභාපතිවරයා එකඟ නොවන බව පවසා තිබේ. සියලු ක්‍රිකට් සාමාජිකයන් වැදගත් බවත්, ඔවුන්ට සමානව සැලකිය යුතු බවත් ඔහු පවසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here