
වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක විසින් පොළොන්නරුව ජල ගැලුම් නිම්න රක්ෂිතයේ මාර්ගයක් ඉදි කිරිමට සහ ගෘහස්ථ ගවයන් රක්ෂිතය තුළට ඇතුල් කිරීමට ඉඩ ලබාදෙන ලෙසට වනජිවී නිලධාරින්ට බලපැම් කර තර්ජනය කිරිමට විරෝධය දක්වමින් හෙට (27දා) දින දිවයින පුරා වනජිවි නිලධාරින් සංඛේත වැඩ වර්ජනයක නිරත වන බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක පවසා තිබේ.
වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ඊයේ දිනයේදී පොළොන්නරුව, ලංකාපුර, වෙහෙරගොඩ යාය ප්‍රදේශයට ගොස් ඇත්තේ පොළොන්නරුව ජල ගැලුම් නිම්න රක්ෂිතයේ මාර්ගයක් ඉදි කිරිමට සහ ගෘහස්ථ ගවයන් රක්ෂිතය තුළට ඇතුල් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහායි. ඒ අවස්ථාවේ එහි පවතින නීතිවිරෝධී බව පැහැදිලි කළ වනජීවි නිලධාරීන්ට රාජ්‍ය ඇමතිවරයා විසින් බැන වැදී තිබුණි.
The post ඇමති විමලවීරට විරෝධය දක්වා වනජීවී නිලධාරීන් වැඩ වර්ජනයක. appeared first on Lanka News Column.