ඉන්දීය මුහුදු සීමාවේ දී හෙරොයින් කිලෝ 100ක් සමඟ ලාංකිකයන් 6ක් අල්ලයි

0
69
Author(s): 
මහින්ද අලුත්ගෙදර

නීති විරෝධී ආකාරයෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් 6 දෙනකු ඉන්දීය මුහුදු සීමාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව මෙම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් සිටි මෙරට යාත්‍රාවක් තූත්තුකුඩියට දකුණින් වන ගැඹුරු මුහුදේ දී ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. දින 9ක් පුරා සිදු කළ මෙහෙයුමකින් අනතුරුව පෙරේදා (25) ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

මීගමුව ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් ‘ෂෙනායා දුව’ නමැති යාත්‍රාවේ සිටි පුද්ගලයන් මෙසේ අත්අඩංගුවට පත්ව තිබෙන අතර, පාකිස්තානයේ කරච්චි නුවරට ආසන්න ගැඹුරු මුහුදේ දී එරටට අයත් නෞකාවකින් අදාළ මත්ද්‍රව්‍ය තොගය තම යාත්‍රාවට ලබා දුන් බවට එම යාත්‍රාවේ සිටි පුද්ගලයන් අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ ප්‍රකාශ කර තිබේ. ඒවා ඕස්ට්‍රේලියාව ඇතුළු බටහිර රටවලට ප්‍රවාහනය කරමින් තිබූ බවට ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here