කොලින්ට ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

0
39

නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම්ට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි.

දකුණු පාදයේ අස්ථි බිඳීමක් හේතුවෙන් මෙලෙස තරගාවලියෙන් ඉවත් වන ග්‍රෑන්ඩ්හෝම් වෙනුවට ඩැරල් මිචෙල් සංචිතයට කැඳවා තිබේ. පසුගිය වසරේ දෙසැම්බර් මස එංගලන්තයට එරෙහිව ජගත් ටෙස්ට් වරම් හිමිකරගත් 29 හැවිරිදි ඩැරල් එක්වූ එකම ටෙස්ට් තරගය ද එයයි. ඊට අමතරව ආබාධයකට ලක්ව සුවය ලබමින් සිටින දඟ පන්දු යවන ක්‍රීඩක අජාස් පටෙල්ට පළමු ටෙස්ට් තරගය අහිමි වනු ඇතැයි වාර්තා වන අතර, ඒ වෙනුවට මිචෙල් සැන්ට්නර් කණ්ඩායමට එක්කර තිබේ.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් 3 වැනිදා ආරම්භ වීමට නියමිතය.

මේ අතර, ටෙස්ට් තරගාවලියට පෙර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගයේදී නවසීලන්ත කණ්ඩායමේ නායකයා ලෙස මිචෙල් සැන්ට්නර් කටයුතු කරනු ඇත. ඒ විස්සයි20 නායකයා ලෙස කටයුතු කරන ටිම් සවුති ටෙස්ට් කණ්ඩායම සමඟ එක්වීම සඳහා මේ සංචිතයෙන් ඉවත්ව යන බැවිනි.

දෙරට අතර විස්සයි20 තරගාවලිය අද (27) ආරම්භ වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here