කොවිඩ් උවදුරත් සමඟ අඩු වී තිබූ අනතුරු ආයෙත් දැන් වැඩි වෙලා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

0
66
Author(s): 
රක්ෂණ ශ්‍රියන්ත

කොවිඩ් උවදුරත් සමඟ මෙරට රිය අනතුරුවල අඩුවක් දක්නට ලැබුණද මේ වන විට රිය අනතුරුවල නැවතත් වර්ධනය වීමක් දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

පෙරේදා (25) මාරක රිය අනතුරු දෙකක් වාර්තා වූ බව පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් පිරිසක් තුවාල ලබා ඇති බවද පැවසීය.

සාමාන්‍යයෙන් වර්ෂයකට රිය අනතුරුවලින් 3000ක් පමණ පිරිසක් මිය යන බවත් 20000ක පමණ පිරිසක් තුවාල ලබන බවත් පෙන්වා දෙන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ තත්ත්වය වළක්වා ගැනීමට ජනතාවගේ සහාය අත්‍යවශ්‍ය බවද කියා සිටී.

මාරක රිය අනතුරු සහ අනෙකුත් රිය අනතුරු සිදුවන්නේ බොහෝ අවස්ථාවල රියැදුරන්ගේ නොසැලකිල්ල සහ අපරික්ෂාකාරී බව නිසාත්, මගීන්ගේ හෝ පදිකයන්ගේ නොසැලකිල්ල සහ අපරික්ෂාකාරී බව හේතුවෙන් බව පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කිසිම අවස්ථාවක රිය අනතුරක වින්දිතයකු නොවීමට වගබලා ගන්නා ලෙසද ඉල්ලා සිටී.

එබැවින් නොසැලකිල්ලෙන් සහ අනවධානයෙන් රිය නොපදවන ලෙසත් අධික වේගයෙන් රිය පැදවීමෙන් වළකින ලෙසත් රියැදුරන්ගෙන් ඉල්ලා සිටින පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මගීන් සහ පදිකයන්ගෙන්ද නිවැරැදි පැත්තෙන් ගමන් කරන ලෙසත් සුදු ඉරි මතින් අවධානයෙන් පාර මාරුවීම සිදුකරන ලෙසත් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here