දකුණු පළාතේ ආහාර හා සැපයුම දිරිගැන්වීම සඳහා දකුණු පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යංශය විසින් තෝරාගත් ප්‍රතිලාභීන් 07 දෙනකුට බෑන්ඩ් සීලර් යන්ත්‍ර 06ක් හා ස්ටිකර් කැපීමේ යන්ත්‍රයක් ප්රදානය කිරීම පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල ලබුදූව දක්ෂිණපාය කෘෂිකර්ම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී සිදු විය.
මෙම ප්‍රදාන සඳහා 50%ක් ප්‍රතිලාභීන්ගේ දායකත්ව යොදා ගැනෙයි. වෙළෙඳ විෂය යටතේ තවත් ප්‍රතිලාභීන් 70 දෙනකු සඳහා උපකරණ දීම ඉදිරියේදී සිදු කෙරේ. මෙම අවස්ථාවට දකුණු පළාත් කෘෂි කර්ම අමාත්‍යංශයේ ලේකම් ඒ.යූ වේලාරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
එස්. දීයගහගේ
දකුණු පළාත් සංචාරක