නවසීලන්ත ගිය පාකිස්තාන සංචිතයේ 6කට කොරෝනා

0
39

තරග සංචාරයක් සඳහා නවසීලන්තයට ගොස් සිටින පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 6 දෙනකුට කොරෝනා වයිසරසය ආසාදනය වී ඇතැයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය පවසයි.

මේ වන විට ක්‍රයිස්ට්චර්ච්හි දින 14ක කාලයක් නිරෝධායනයට ලක්ව සිටින පාකිස්තාන කණ්ඩායමෙන් මේ ආසාදිතයන් වෙන් කර හුදකලා කර තිබේ.

මේ කණ්ඩායම නිරෝධායනයට එක් වූ පළමු දිනයේදීම සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇතැයි පවසන නවසීලන්ත ක්‍රිකට් ආයතනය මේ හේතුවෙන් නිරෝධායනය අතරතුර පුහුණුවීම් සිදු කිරීමට දී තිබූ අවසරය ද තාවකාලිකව අත්හිටුවා ඇත. බටහිර ඉන්දීය කොදෙව් පිලේ සංචාරයෙන් පසු නවසීලන්ත – පාකිස්තාන තරගාවලිය ආරම්භ වන අතර, ඊට විස්සයි20 තරග 3ක් සහ ටෙස්ට් තරග 2ක් ඇතුළත්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here