බුදු සසුනට තම දරුවන් පූජා කළ මවුපියන් වෙනුවෙන් ආරම්භ කරන මිහිඳු නිවහන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වූ මූලික සාකච්ඡාව මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය සහ ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැඟිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා අතර පෙරේදා(25) අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා විසින් අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ සහ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ සහයෝගය මත මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි ඇතුළු මහා සංඝරත්නයේ අනුශාසනා මත මේ වැඩසටහන ක්‍රියාවට නංවයි.
රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීහු රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.