
2019 බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් කඩිනමින් ස්ථිර කරන ලෙස ඉල්ලා අද (26) මධ්‍යම පළාත් සභා කාර්යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයක් පැවති අතර විරෝධතාවය අවසානයේදි පළාත් ප්‍රධාන ලේකම්තුමා හා සාකච්ඡාවක් පැවැත්වූ බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය පවසයි.
එහිදී ඔහු පවසා ඇත්තේ හැකි ඉක්මනින් විසදුම් ලබා දෙන බවත් මේ සම්බන්ධව අනෙකුත් පළාත්වල ලේකම් තුමන්ලා සමග සාකච්ඡාකර තීරණයක් ගන්නා බවත් වන බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය පවසයි.
කෙසේ වෙතත් මෙම ප්රශ්නය සදහා සති දෙකක් ඇතුලත විසදුම් ලබා නොදෙන්නේ නම් ඊට එරෙහිව කටයුතු කිරීමට තම සංගමය සූදානම් බව එහි සමාජික ධම්මික මුණසිංහ පවසයි.
…ගමගේ…
The post 2019 බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක්. appeared first on Lanka News Column.