DFCC බැංකු­වෙන් ඩිජි­ටල් සේවා රැසක්

0
46
28 නොවැම්බර්, 2020

DFCC බැංකුව ක්ෂේත්‍රයේ පුරෝගාමී ඩිජිටල් සේවා රාශියක් හඳුන්වා දෙමින් පාරිභෝගික අත්දැකීම සුවිශේෂී පරිවර්තනයකට ලක්කිරීමට සමත් වී ඇත.

මෙම ඩිජිටල් සේවා නිසා, රට තුළ පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ පවා ගනුදෙනුකරුවන්ට කිසිදු බාධාවකින් තොරව තමන්ට අවශ්‍ය බැංකු සේවා ලබාගැනීමට හැකියාව ලැබී තිබේ.

මෙරට බැංකු ක්ෂේත්‍රයේ ප්‍රථම Virtual Wallet ක්‍රමය ලෙස 2015 වසරේදී හඳුන්වා දෙන ලද DFCC Virtual Wallet සේවාව පසුගියදා නවීකරණයට ලක්කරන ලද අතර, බැංකු ශේෂ, පොලී අනුපාත, ස්ථාවර තැන්පතු වල කල්පිරීමේ දින, ණය ශේෂ සහ ගෙවීම් සිදුකළ යුතු දිනයන් ආදිය විමසීමේ හැකියාව ඇතුළු විශේෂාංග රාශියක් ඊට අලු‍තින් එක්වී ඇත. එමෙන්ම DFCC ක්‍රෙඩිට් කාඩ්පත DFCC Virtual Wallet සමඟ සම්බන්ධ කිරීම මගින් ක්‍රෙඩිට් කාඩ්පත් තොරතුරු, කාඩ්පත් සීමාවන්, ශේෂයන්, ගෙවිය යුතු අවම මුදල, ගෙවීම් කළ යුතු දිනය, කාඩ්පතේ තත්ත්වය, Cash Back Reward වටිනාකම, කාඩ්පත භාවිතයෙන් සිදුකළ ගනුදෙනු සහ පසුගිය මාස 3 ට අදාළ ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුම් ප්‍රකාශ ආදිය පරීක්ෂා කළ හැකි වේ.

දැනටමත් DFCC බැංකුවේ ගනුදෙනු කරුවන් වන පුද්ගලයන්ට DFCC Virtual Wallet app බාගත කරගෙන තම ඩෙබිට් කාඩ්පත භාවිතයෙන් එහි සේවාවන් සමඟ සම්බන්ධ විය හැකි අතර, නැතිනම් ක්ෂණික ඇමතුම් අංකය අමතා එය සක්‍රීය කරගත හැකි වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here