මීටර් 100 ලෝක ශූර ක්රිස්ටියන් කෝල්මන් තහනම් උත්තේජක භාවිතය සම්බන්ධ නීති උල්ලංඝනය කළේ යැයි පනවා ඇති තහනමට එරෙහිව ක්රීඩා බේරුම්කරණ අධිකරණය හමුවේ අභියාචනාවක් ඉදිරිපත් කරයි.
ලෝක ශූරතා මලල ක්රීඩා තරගාවලියේ මීටර 100 ධාවන ඉසවුව තත්පර 9.76ක කාලයක් වාර්තා කරමින් ජයගත් ක්රිස්ටියන් කෝල්මන්ට තහනම් උත්තේජක පරීක්ෂණ මඟ හැරීමේ චෝදනාව එල්ල විය. මේ හේතුවෙන් අමෙරිකානු ක්රීඩකයාට වසර 2ක තරග තහනමක් පැන වී ඇති අතර, ලබන වසරේ ටෝකියෝ ඔලිම්පික් උලෙළ ද අහිමි වී ගොස් ඇත. තහනම් උත්තේජක පරීක්ෂණ මඟ හැරීමේ චෝදනාව ප්රතික්ෂේප කරන කෝල්මන් පවසන්නේ තමන් සාප්පු සවාරියේ ගොස් සිටියදී තහනම් උත්තේජක පරීක්ෂණයකට පැමිණි නිලධාරීන් මඟ හැරුන බවයි.