ක්‍රෑර සත්ව ඝාතන නැවැත්වීමට නීතිය හදනවා

0
36

සත්ව ඝාතනය නැවැත්වීමට දණ්ඩ නීති සංග්‍රහය කඩිනමින් සංශෝධනයට පියවර ගන්නා බව වනජීවී හා වන සංරක්ෂණ ඇමැති සී.බී රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. වනජීවී හා වන සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ දී ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු‍ දෙමින් ඇමැතිවරයා එසේ කීවේය.

වර්තමානයේදී දී සත්ව ඝාතනය පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් ඇති බවත්, සත්ව ඝාතකයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවත් ජයන්ත වීරසිංහ මහතා පෙරේදා (03) පැවැති කාරක සභාවේ දී අවධාරණය කළේය.

ව්‍යවස්ථාදායක කාර්ය පාර්ලිමේන්තුවට පැවරී ඇති බැවින්, සත්ව ඝාතනය පාලනය සඳහා දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම කඩිනමින් සිදු කළ හැකි බව ද ඇමැති සී.බී රත්තනායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

හීලෑ අලි ඇතුන් නියාමනයට කඩිනම් වැඩපිළිවෙළක් අවශ්‍ය බව ද වනජීවී හා වන සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ දී සාකච්ඡා වූ අතර, ඒ සඳහා අදාළ අණ පනත් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳ ද විශේෂ අවධානය යොමු කළේය.

 

ස්වර්ණා විජේකෝන් සහ නුවන් කොඩිකාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here