කොවිඩ් අනතුර තිබියදී වර්ජනය කරන්න එපා

0
30

කොවිඩ් 19 වයිරසයෙන් රට අනතුරකට පත් වී තිබෙන මොහොතක වැඩවර්ජනවල නොයෙදී සිය ඉල්ලීම් සාකච්ඡා මාර්ගයෙන් දිනාගැනීමට කටයුතු කරන්නැයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු දෙනාගෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (04) ඉල්ලා සිටියේය. පසුගිය කාලයේ එවකට සිටී විපක්ෂය අවස්ථාවදීව හැසුරුණත් වත්මන් විපක්ෂය වගකිවයුතු විපක්ෂයක් ලෙස එලෙස අවස්ථාවාදී දේශපාලනයේ නොයෙදෙන බවත් එහෙත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මහා වැඩවර්ජනයක් ඇති වීමට පෙර ඔවුන්ගේ ඉල්ලීම ලබාදීමට සෞඛ්‍ය ඇමැතිවරිය කටයුතු කළ යුතු බවත් වෙළෙඳ, කර්මාන්ත ඇතුළු අමාත්‍යාංශ ගණනාවක වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

කොවිඩ් 19 නමැති වයිරසයේ ඉදිරි පෙළ වලල්ලේ සටන් කරන අයට එම පිරිසට අවශ්‍ය පහසුකම් හා දීමනා ලබාදීම මේ රජයේ වගකීම බව පැවැසූ ප්‍රේමදාස මහතා ඒ පිළිබඳ නෙසැලකීමෙන් රට අනතුරට පත්නොකරන්නැයි රජයෙන් ඉල්ලන බව කීවේය.

ස්වර්ණා විජේකෝන් සහ නුවන් කොඩිකාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here