දකින හීන ගැන ප්‍රසිද්ධියේ කියන්න බෑ

0
34
5 දෙසැම්බර්, 2020

යතුරු පැදියට නැග ගත් පසු කුරුල්ලෙකු සේ ඉගිලෙන ක්‍රීඩකයන් අතර ගයාන් සඳරුවන් කියන්නේ සුවිශේෂී මතකයක්. වසර නවයක් අඛණ්ඩව ජාතික යතුරු පැදි ශූරයා වුණු ඔහුගේ යතුරු පැදි ජීවිතයට දශක දෙකකට අධිකයි. දුහිවිලි අවුස්සාගෙන, පැයට කිලෝ මීටර් 100ක පමණ වේගයකින් ඉගිලෙන ගයාන්ගේ සැබෑම ජීවිතය යතුරු පැදිය ද? නෑ. ඔහුට යතුරු පැදියෙන් පිටත තවත් ලෝකයක් තිබෙනවා. ‘ක්‍රීඩා’ ගයාන්ගේ යතුරු පැදියෙන් ඔබ්බේ පිහිටි ඒ ලෝකය ගැන ඔහුට කතාකරන්න අවකාශයක් විවර කර දුන්නා. මේ යතුරු පැදියෙන් බැස්සට පසුව ගයාන් සඳරුවන්ගේ ඇත්ත කතාව.

ගයාන් හිස් ආවරණයට යටින්, ක්‍රීඩා ඇඟළුමට යටින් ක්‍රීඩා ලෝලීන් නොදකින ඒත් ඔබට පමණක් හැමදාම පෙනෙන ඔබ මොනවගේ චරිතයක්ද?

මම සරල මනුෂ්‍යයෙක්.

උපන්දිනය ?

මම ඉපදුණේ අධික අවුරුද්දක. ඒ පෙබරවාරී 29 වැනි දා වක. අවුරුද්ද 1984.

ඉපදුණේ?

කොළඹ, කෝට්ටේ. දැන් නම් ශ්‍රී ජයවර්ධනපුර, ශ්‍රී ලංකාවේ අගනුවර.

පවුල ?

මම විවාහකයි, බිරිඳ සුමුදු චතුරංගනී, දුව කෙයලි ඹනායා, පුතා අයාන් ටිනාශ් සඳරුවන්

විවාහයට පෙර?

අම්මයි – තාත්තයි, නංගියි, මල්ලියි තමයි පවුල.

ඒ පවුල ගැන කතාකරමු?

තාත්තාත් යතුරුපැදි ධාවන ශූරයෙක්. දැන් නම් ඔහු ව්‍යාපාරිකයෙක්. අම්මා ගෘහනියක්. නංගී විවාහකයි, මල්ලී සනුක සඳරුවන්.

විශේෂයෙන් කැමැති?

කාටවත් කරදරයක් නැතිව සතුටින් ජීවත් වෙන්න.

අකමැති දේවල්?

මම වංචාවට, දුෂණයට වගේම ඊර්ෂ්‍යාවට අකමැතියි.

ඔබ ඉගෙන ගත්තේ?

සාමාන්‍ය පෙළ දක්වා තර්ස්ටන් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදැරුවා සාමාන්‍ය පෙළ විභාගයෙන් මට සම්මාන 8ක් සමඟ සමත් විමට හැකි වුණා. පසුව මට ගේට්වේ ජාත්‍යන්තර පාසලාට ආරාධනාවක් ලැබුණා දෙමාපියන්ගේ ඉල්ලිම නිසා මම ඒ පාසලට ඇතුළු වුණා.

සුදු ඇඳුමෙන් ගත කළ කාලේ අමතක නොවනම විෂය වුණේ?

ගණිතයයි හා සාහිත්‍යට මම කැමතියි.

ඒ විෂයන්වලින්ම ඉදිරියට ගියාද?

ක්‍රීඩාව නිසා බැරි වුණා. නමුත් මම අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටියේ ගණිතය විෂය මාලාව යටතේයි.

ගයාන්ට මුල අමතක වෙලා ගිහින්ද?

අනේ නැහැ. මම මුලින්ම ධාවන පථයට ආපුදින සිට මේ දක්වාත්, පාසලේ එක වසරේ සිට මේ දක්වාත් සිටින යාඵවන් යෙහෙළියන් තවමත් මට ඉන්නවා

ඒගොල්ලෝ මොනවද ගයාන් ගැන කියන්නේ?

එක වසරේ සිට සිටින යහඵවන් අදටත් කතාකරනවා. සමාජ මාධ්‍ය නිසා දැන් පෙරටත් වඩා අපි කිට්ටුයි.

ඔබ සංචාරයට කැමති චරිතයක්ද?

සත්තකින්ම. සංචාරයට මම හුඟාක් ප්‍රියකරනවා. .

ඔබ වැඩිපුර යන්න කැමැති තැන් තියෙනවාද?

ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවලට කැමැතියි. ඒ වගේම මින්නේරියේ සමහරක් තැන් තියෙනවා ඉතාමත් ආශා කරනවා.

ලෝකයේත් එහෙම වෙන්නැති නේද?

ඹව්, ජපානය, ඹස්ට්‍රේලියාවට මම ගිහින් තියෙන නිසා ඇමෙරිකාවට යන්න ආශාවක් තියෙනවා. .

ඒ සංචාරවලදී ඔබට දැනුණු දේ මොනවද?

හැම රටකින්ම වගේ අපට ගතයුතු දේ බොහෝ දේ තිබෙනවා. ජපානය, ඹස්ට්‍රේලියාව වැනි රටවල ඇති විනය මට ඒ අතරින් තදින් දැනුණා. ඒ වගේම ඒ ඒ රටවල ක්‍රියාත්මක වන නීතිය ඉතාමත් වැදගත්.

ඔබ පුවත්පත් පාඨකයෙක්ද?

ඔව්. රුපවාහිනියේ කියවන පත්තරවලට ඇහුම් කන් දෙනවා. නමුත් පත්තර කියවිය යුතුයි රට තොට ගැන දැනගන්න.

මොන වගේ පත්තරද වැඩියෙන් බලන්නේ?

මූලිකව ප්‍රවෘත්ති බලනවා. නමුත් ජාතික පුවත් පත් වල ක්‍රීඩා පිටුවලට තමයි මම වැඩියෙන්ම කැමැති.

රූපවාහිනිය බලනවද?

ඹව්, ඒත් කාලය ටිකක් අඩු නිසා තෝරා බේරගෙන බලනවා.

පොත් එහේම කියවනවාද?

ඇත්තෙන්ම පොත් කියවන්න වැඩිය කැමතියි.මේ මාසේ පොත් පහක් හයක් විතර කියව්වා.

අන්තිමට කියවපු පොත?

මුල්ලේරියාවේ අභිමානය කියන පොත.

කැමති ලේඛකයා?

මගේ කැමැතිම ලේඛකයා මාර්ටින් වික්‍රමසිංහ.

කැමැතිම පොත?

විරාගය.

සිනමාවට කැමතිද?

ඹව් අනිවාර්යයෙන්ම.

වඩාත් කැමති සිංහල, ඉන්දීය එමෙත් නැත්නම් බටහිර සිනමාවෙන් කොයි එකටද?

එහෙම විශේෂයක් නෑ. හැම සිනමාවකටම මම කැමැතියි.

සංගීතයත් ඇසුරු කරනවා ඇති එහෙනම්?

සංගීතයට මම ගොඩක් කැමැතියි. වර්තමාන නව පරපුරේ ගීතයටත් මගේ කැමැත්තක් තියෙනවා.

විශේෂයෙන් තෝරාගෙන අහන ගීත තියෙනවාද?

පොදුවේ හැම සිංදුවක්ම අහනවා.වඩාත් කැමැතියි මසකලී කියන හිංදි සිංදුවට. ඒක පරවියෙකු ගැන කියවෙන ගීතයක්. මුලින්ම සංගිතයට කැමැති වුණා පසුව ඒ තේමාවට කැමැති වුණා. මම ඒ පරවියාගේ පිංතුරයක් මගේ යතුරුපැදි හිස් පළදනාවටත් ඇතුළත් කරගෙන තිබුණා.

පරමාදර්ශී චරිතයක් තියෙනවාද?

ලෝකයේ සැබෑ පරමාදර්ශි චරිත බොහෝ චරිතවලට මම කැමැතියි.

ඒ අතර ඔබ කැමති විශේෂ ගැහැනියෙක් හෝ පිරිමි චරිතයක් ඉන්නවාද?

අමාත්‍ය සරත් විරසේකර මහතාට කැමැතියි.

ආදරය ගැන මොනවද හිතෙන්නේ?

ආදරය නැතුව ජිවත් වෙන්න බෑ.

විවාහය?

අත්දැකීම් ඹස්සේ යා යුතු ගමනක්. සුන්දරයි. ඒ වගේම තනිකඩ ජීවිතයකට වඩා වගකීම් බහුලයි.

ඒත් අද සමාජය තුළ කසාදය තරමට ම දික්කසාදය ගැනත් කතාවෙනවා?

ඹව්, අද දික්කසාදය ප්‍රවණතාවක්. මගේ යාලුවෝ කිහිපදෙනෙකුත් දික්කසාද වෙලා තියෙනවා.

ඔබේ පාදපරිචාරිකාව කොහොමද?

ඇය මා සමඟ සහයෝගයෙන් වගේම සතුටින් ජීවත් වෙනවා. දැන් අපිට දරුවන් දෙදෙනෙකුම සිටින නිසා ඇය ඹවුන්ගේ වගකීම් දරනවා.

අපේ රටේ අනාගත දරු පරපුර ගැන පියෙක් වශයෙන් දැන් ඔබට මතයක් ඇති?

ඔවුන් හැදෙන්නෙත් අපි හැදුනා වගේම තමයි. නමුත් අද විද්යුත් උපකරණත් සමග ළමයි අපට වඩා ඉදිරියට ගිහින්. මේ බව අවබෝධ කරගෙන ළමයින්ගේ ගමන දියුණු සමාජයක් කරා යොමු කළ යුතුයි.

මෙතෙක් පැමිණි ජීවිත ගමන ගැන තෘප්තිමත්ද?

සැබැවින්ම. මට දැණුම් තේරුම් කාලේ සිටම ආ ගමන ගැනම තෘප්තිමත්.

ඔබේ තැනට එන්න හදන, ඒත් එන්න බැරිවුණු අයට කියන්න පණිවුඩයක් තියෙනවද?

එහෙම අය ඉන්නවා. එහෙම බැරිවුණු අයට මම මගේ අත්දැකිම් අනුව මට පුලුවන් හැටියට අවවාද උදව් උපකාර ලබා දෙනවා. උත්ස‍හයයි උනන්දුවයි තියෙන අයට ජිවිත ජයගැනිම පහසු දෙයක්. ඒ වගේම ඕනෑතරම් අවස්ථාත් තියෙනවා කියන එක අමතක කරන්න එපා.

ඔබ තුළත් හීන ඇති?

ඔව්.

දකින ලොකුම හීනේ ගැන කියන්න කැමතිද?

සමහරක් හීන පුද්ගලිකයි. ඒ හීන ගැන ප්‍රසිද්ධියේ කීයන්න අමාරුයි. නමුත් හැමදාම හීන දක්නවා. ඒ වගේම මම දැකපු බොහෝ හීන මම සැබැ කරගෙන තියෙනවා.

 

ඡායාරූප – ජගත් ඉරෝෂණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here