නවසීලන්තයේ කෙරුමෙක් අමෙරිකාවට පනියි

0
38

 

 නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක කෝරි ඇන්ඩර්සන් අමෙරිකා ක්‍රිකට් පිලට බඳවා ගනියි. ඇන්ඩර්සන් පසුගිය වසරේ ඕක්ලන්ඩ් ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් අවසන්වරට ක්‍රීඩා කළ අතර, දැනට වෘත්තීමය මට්ටමෙන් අමෙරිකාවට එක්ව සිටී. ඔහු 2014දී පන්දු 36කදී වේගවත්ම එක්දින ශතකය රැස් කරමින් වාර්තා පොතට එක් වූ අතර, එය පසුව පන්දු 31කදී වාර්තා කොට ඒ.බී ඩි විලියර්ස් වාර්තාව තමා සතු කර ගත්තේය. වසර 2015 ලෝක කුසලාන තරගාවලියේදී නවසීලන්තයේ ප්‍රධාන සාමාජිකයකු වූ අතර, ටෙස්ට් තරග 13කට, එක්දින තරග 49කට හා විස්සයි20 තරග 31කට ක්‍රීඩා කොට ඇත. අමෙරිකා එක්සත් ජනපදය, එහි වාණිජ සහකරු අමෙරිකානු ක්‍රිකට් එන්ටර්ප්‍රයිසස් සමඟ එක්ව වෘත්තිකයන් ගෙන්වා ගැනීමට උත්සාහ කරන අතර, ඇන්ඩර්සන් සමඟ පාකිස්තානයේ වමත් පිතිකරු සාමි අස්ලම් ද ඊට ඇතුළත්ව සිටී. වසර තුනක පදිංචිය නිමා කිරීමෙන් පසුව වෙනත් රටක ක්‍රීඩකයන්ට අමෙරිකා එක්සත් ජනපදය අන්තර්ජාතික මට්ටමින් නියෝජනය කිරීමේ නීතිමය හැකියාව උදා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here