ABS Couriers ‘3PL of the year 2020’ පළමු ස්ථාන­යට

0
19
5 දෙසැම්බර්, 2020

මෙම උත්සවය වසරේ විශාලතම විකිණුම් අවස්ථාව වන 11.11 අලෙවිය පිළිබඳ දැක්මක් ද ඇතුළු වසර සඳහාම වූ ආකර්ෂණීය සැලසුම් සමඟින් එළිදැක්වීය.

එහිදී Daraz 2020 විකුණුම් සමුළුව සඳහා හවුල්කරුවන් සහ විකුණුම්කරුවන් 300 කට අධික සංඛ්‍යාවක් සහභාගී විය.

සාර්ථකත්වය පිළිබඳ කතාබහ කෙරුණු කමිටු සාකච්ඡාවකින් අනතුරුව මෙම විප්ලවයට එකතු වන ලෙස විකුණුම්කරුවන්ට අරාධනා කෙරිණි. Abans සමූහ ව්‍යාපාරයේ කුරියර් අංශය වන ABS Courier පසුගියදා පැවති Daraz විකුණුම් සමුළුවේදී ‘Daraz 3PL of the year’ සම්මානය දිනා ගත්තේය.

Daraz හී තෙවන පාර්ශ­්වීය සැපයුම් (3PL) හවුල්කාර කාණ්ඩය යටතේ සිය ස්ථාවර හා ආකර්ෂණීය කාර්යසාධනය වෙනුවෙන් ABS Courier සේවාව ඇගයීමට පාත්‍ර වෙමින් ප්‍රථම ස්ථානය සඳහා වූ සම්මානයෙන් පිදුම් ලැබීය. සැප්තැම්බර් 30 වැනි දින ෂැන්ග්‍රි-ලා හෝටලයේදී පැවති මෙම සම්මාන උළෙල Daraz විසින් සංවිධානය කරනු ලැබූ දෙවන විකිණුම් සමුළුව වන අතර ABS Courier දිනා ගත් ‘3PL of the Year’ සම්මානය හඳුන්වා දුන්නේ ප්‍රථම වරටය.

mega deals, flash sales මිලියන 3ට වැඩි vouchers සහ දීමනා සමඟින් Daraz 11.11 විකුණුම් අවස්ථාව පැවැත්වුණු අතර ඒලෙසම එළඹෙන 12.12 විකිණුම් අවස්ථාව වෙනුවෙන් ද ශ්‍රී ලංකාවේ වාණිජ හා කාර්මික ප්‍රවාහන විසඳුම් සඳහා උසස් ප්‍රමිතීන් සකස් කරමින් Daraz සමඟ ඇතිකරගත් සහයෝගිතාව වැඩි දියුණු කිරීමට ABS Courier දැඩි උනන්දුවෙන් බලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here