IIT ආය­ත­න­යෙන් Artificial Intelligence හා Data Science සඳහා උපාධි පාඨ­මාලා

0
23
5 දෙසැම්බර්, 2020

 Informatics Institute of Technology (IIT) ආයතනය මගින් Artificial Intelligence හා Data Science පාඨමාලා සඳහා BSc (Hons) උපාධි හඳුන්වා දීමේ වැඩසටහන පසුගියදා දියත් කෙරිණි.

ශ්‍රී ලංකාවේ පළමු වරට Artificial Intelligence හා Data Science යන විෂයන් සඳහා බ්‍රිතාන්‍යයේ රොබට් ගෝර්ඩ්න් විශ්වවිද්‍යාලය මගින් පිරිනමන BSc (Hons) උපාධි සිසුන්ට හිමි කරදීම අරමුණු කරමින් එම වැඩසටහන පසුගියදා අන්තර්ජාලය මගින් පැවැත්විණි.

මෙම උපාධි හඳුන්වා දීමේ වැඩසටහන බ්‍රිතාන්‍යයේ රොබට් ගෝර්ඩ්න් විශ්වවිද්‍යාලයේ ප්‍රධානී ආචාර්ය ජෝන් අයිසැක්, එම විශ්වවිද්‍යාලයේ Intelligent පද්ධති පර්යේෂණ අංශයේ මහාචාර්ය නිර්මලී වීරතුංග, WSO2 ආයතනයෙහි ව්‍යාපාර එකාබද්ධතා සාමාන්‍යාධිකාරී හා සභාපති, ෂෙවාන් ගුණතිලක හා IIT පීඨාධිපති නයෝමි ක්‍රිෂ්ණරාජා යන අයගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

අන්තර්ජාල ෆෝරමයක් ලෙසින් පැවති එම හඳුන්වාදීමේ වැඩසටහන, IIT හි පරිගණක අංශ ප්‍රධානී ආචාර්ය දමිත කරුණාරත්නගේ මෙහෙයවීමෙන් පැවැත්විණි.

මේ වන විට තොරතුරු තාක්ෂණ වෘත්තිය ආශ්‍රිත Artificial Intelligence හා Data Science යන විෂයන් සම්බන්ධයෙන් දේශීය හා විදේශීය රැකියා වෙළෙඳ පොළේ ඉහළ ඉල්ලුමක් පවතී. එහෙත් එම විෂයන් උපාධි මට්ටම දක්වා හැදෑරීමට සිසුනට පවතින අවස්ථා ඉතා විරල ය. මෙම විෂයන් සම්බන්ධයෙන් පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, සිසුනට දේශීය හා ජාත්‍යන්තර අවස්ථා උදා කර දෙමින් Artificial Intelligence සහ Data Science යන විෂයන් සඳහා BSc (Hons) උපාධි පිරිනැමීමට IIT ආයතනය අවස්ථාව උදා කර දී තීබීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here