JAT Holdings ගෙනෙන Herman Miller

0
24
5 දෙසැම්බර්, 2020

  Herman Miller Aeron සහ Embody පුටු

ගෘහ අලංකරණ හා නිමැවුම් සමාගමක් වන JAT Holdings වසර 27 ක කාලයක සිට මෙරට වෙළඳ ක්ෂේත්‍රයට Herman Miller වැනි ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සන්නාම වලට අයත් උසස් තත්ත්වයේ නිෂ්පාදන හඳුන්වා දෙමින් සිටී.

Herman Miller යනු වසර 100 කට අධික ඉතිහාසයක් ඇති, කාර්යාල හා අභ්‍යන්තර සැලසුම් නිර්මාණ සම්බන්ධ ලොව ප්‍රමුඛයකු ලෙස සැලකෙන සන්නාමයකි.

එමෙන්ම එය නිරන්තරයෙන් පර්යේෂණ සිදුකරමින් හා තාක්ෂණ වැඩිදියුණු කරමින් ශාරීරික ඉරියවු වඩාත් යහපත් කිරීමට හා එමඟින් ඵලදායීතාව වැඩි කිරීමට මෙන්ම සෞඛ්‍ය හා අනෙකුත් ප්‍රතිලාභ පාරිභෝගිකයන් වෙත ලබාදීමට කටයුතු කරයි.

Herman Miller Aeron සහEmbody පුටු මානව සාධක අධ්‍යයනය (Ergonomics) මෙන්ම ද්‍රව්‍යමය නවෝත්පාදනය අතින් ගත් කල පුරෝගාමී නිෂ්පාදන ලෙස සැලකිය හැකිය. ඒවා ෆෝම්, රෙදි සහ සම් (ලෙදර්) වර්ග සම්මත ආකාරයෙන් එහා භාවිත කර නිපදවන ලද සුවපහසු මාදිලියේ පුටු එකතුවකි. එමෙන්ම Herman Miller Embody නිෂ්පාදනය කර ඇත්තේ ඒවා භාවිත කරන්නාගේ ශරීරයේ චලනයන් අනුව හැඩගැසෙමින්, ඉරියවු වෙනස් වීම අනුව පීඩනය වෙනස් වන ආකාරයට වන අතර හිඳ සිටින්නාගේ ශරීරයේ හැඩය අනුව එහි ව්‍යුහය වෙනස් වේ.

හිඳගැනීම පිළිබඳව සිදුකරන විද්‍යාත්මක අධ්‍යයන සහ තාක්ෂණය හා අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩිදියුණු කිරීම් ඔස්සේ පාරිභෝගිකයාට තාක්ෂණය වඩාත් සමීප කරවීමට Herman Miller සමත් වී ඇත. මෙම පුටු වර්ග භාවිතා කිරීම, සමාගම් හා ආයතන තම කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම වෙනුවෙන් සිදුකරන ආයෝජනයක් වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here