අමෙරිකා කොරෝනා එන්නත් දෙන පළමු පිරිස අතරට ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීනුත්

0
16

අමෙරිකාවේ කොරෝනා එන්නත් ලබාදෙන පළමු පිරිස අතරට ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද ඇතුළත්ව ඇතැයි නිලධාරීහු පවසති. එහෙත් ඉරිදා (13) ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ මුලින්ම එන්නත් ලබා දෙන්නේ විශේෂ ආසාදිතයන්ට බවයි. අමෙරිකාවේ ප්‍රාන්ත 50හි ස්ථාන රැසකට පළමු එන්නත් තොගය බෙදා හරිනු ලැබ ඇත. මිචිගන්හි පිහිටි මධ්‍යම ගබඩාවේ සිට ඉරිදා (13දා) මේ පළමු එන්නත් තොගය නැව්ගත කෙරිණි. එන්නත ලබාදීමේ දී සෞඛ්‍ය සේවකයන්ට සහ වැඩිහිටි පුද්ගලයන්ට මුල් තැනදීමට නියමිතය. සඳුදා (14) මේ එන්නතේ පළමු තොගය එන්නත් කිරීම සිදු විය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here