ආර්ථික මධ්‍යස්ථානවල වෙනත් වෙළඳාම් බෑ

0
39

ආර්ථික මධ්‍යස්ථානවල වෙළෙඳසැල් වෙනත් වෙළඳාම් සඳහා යෙදවීම ලබන ජනවාරියේ සිට නතර කෙරේ.

ඊට අදාළ විශේෂ චක්‍රලේඛ ජනවාරි මුල් සතියේ දී නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කරයි.

එමෙන්ම ඍජු ලෙසම ගොවියාගෙන් මිලදී ගනු ලබන එළවලු හා පලතුරු පාරිභෝගිකයාට සාධාරණ මිලකට ලබා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

ජනාධිපතිවරයා දී තිබෙන උපදෙස් මත ඍජුවම ගොවියාගෙන් මිලට ගනු ලබන කෘෂි නිෂ්පාදන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක යාන්ත්‍රණයක් ඔස්සේ වෙළඳුන්ට ලබා දීමට සැලසුම් කර ඇත.

ගොවිජන සේවා මධ්‍යස්ථාන හා නිලධාරීන් සම්බන්ධ කරගනිමින් මිලට ගන්නා නිෂ්පාදන රජය මගින් සුරක්ෂිත ඇසුරුම්වල බහා ආර්ථික මධ්‍යස්ථානවල වෙළඳුන්ට සාධාරණ මිලකට අලෙවි කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව එහි නියමු වැඩසටහන් නාරාහේන්පිට, මීගොඩ, වැලිසර යන ආර්ථික මධ්‍යස්ථානවල සිදු කෙරෙනු ඇත.

පහන් විජේසේකර / නුවන් හෙට්ටිආරච්චි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here