උතුරු ඉන්දියාවේ ගොවීහු දිල්ලි – ජායිපූර් අධිවේගී මාර්ගය අවහිර කරති

0
20

කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණවලට එරෙහිව උද්ඝෝෂණයේ නිරත උතුරු ඉන්දියාවේ ගොවීන් සිය ගණනක් පෙරේදා (14) දිල්ලි – ජායිපූර් අධිවේගී මාර්ගය අවහිර කරමින් උපවාසයකට ඉඳගත්හ. රාජස්තාන්, හර්යානා, පන්ජාබ්, මහාරාෂ්ට්‍ර සහ ගුජරාට් ඇතුළු තවත් ප්‍රාන්ත ගණනාවකම ගොවීන් දිල්ලි වෙත ප්‍රවේශ වීමේ අරමුණෙන් අධිවේගී මාර්ගයේ ඉදිරියට එමින් පැවැති අතර හර්යානා පොලිසිය ඔවුන් නතර කිරීම නිසා ඔවුන් මෙසේ උපවාසය පැවැත්වූහ. 13දා සවස් භාගයේ පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වූ භාරතීය කිසාන් වෘත්තීය සමිතියේ ගුර්නාම් සිං පැවැසුවේ සිය ගොවීන් විරෝධතාවයේ නිරත ස්ථානයේ එක් දින උපවාසයක නිරත වන බවයි. ඇතැම් ගොවීන් ප්‍රතිසංස්කරණවලට පක්ෂව ක්‍රියාකරන නමුත් ඔවුන් සිය සංගමයට අයත් නොවන බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් කියා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here