නත්තල් සමය දැඩි අවදානම් කාලයක්: ජර්මනිය හෙට සිට ලොක් ඩවුන්

0
16

කොරෝනා වයිරස් ආසාදන මට්ටම සහ මරණ ප්‍රමාණය වේගයෙන් ඉහළ යාම නිසා ජර්මනියේ නත්තල් සමයේ දැඩි වසා දැමීමක් ක්‍රියාත්මක කිරීමට බලධාරීහු සූදානම්ව සිටිති. බදාදා (16) රට පුරා අත්‍යාවශ්‍ය නොවන කඩසාප්පු වසා දැමීමටත්, පාසල් වසා දරුවන්ව හැකි තරම් නිවෙස්වල රඳවා තබන ලෙසත් බලධාරීහු උපදෙස් දෙති. නත්තල් සාප්පු සවාරියේ යාම නිසා සමාජ සම්බන්ධතා සැලකිය යුතු පමණින් වර්ධනය වන බව චාන්සලර් ඇන්ජෙලා මර්කල් චෝදනා නඟයි. නවතම වාර්තා අනුව නව ආසාදන 20,200ක් සහ මරණ 321ක් වාර්තා වී තිබේ. නව වසා දැමීම් දෙසැම්බර් 16 වැනිදා සිට ජනවාරි 10 වැනිදා දක්වා කාලය අතරතුර ක්‍රියාත්මක කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here