මඩකලපුව – පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබා පිටව යෑමේදී එහි තිබූ භාණ්ඩ කිහිපයක් සොරාගත් පුද්ගලයින් 04 දෙනෙකු වාලච්චේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ මෙම පුද්ගලයන් පසුගිය 12 වැනිදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටවීමේදී එහි තිබූ භාණ්ඩ කිහිපයක් සොරකම් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
මෙම පුද්ගලයන්ගෙන් තුන් දෙනෙක් කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, අනෙක් පුද්ගලයා මස්කෙලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.