බත්තරමුල්ලේ සංජු ඩුබායි සිට කළ මත්ද්‍රව්‍ය ජාවාරමේ තොරතුරු හෙළි වේ

0
37

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ වැරදි සඳහා පොලීසියට අවශ්‍ය කරන සැකකරුවෙකු වන බත්තරමුල්ලේ සංජු නැමති සැකකරු ලංකාවේ නීතියෙන් සැඟවී පලාගොස් ඩුබායි රාජ්‍යයේ සැගව සිටිමින් මුහුදු මාර්ගයෙන් සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු අනාවරණය කර ගැනීමට කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සමත්ව තිබේ.

දැනට ලංකාවෙන් පැන ගොස් ඩුබායි රටේ සැගවී සිටින බත්තරමුල්ලේ සංජු නැමත්තා මීට වසර කීපයකට පෙර පිලියන්දල බෝකුන්දර ප්‍රදේශයේ දී වෙඩිතැබීමකින් මියගිය සොත්ති උපාලිගේ බෑණා විසින් විසින් කාලයක් මුළුල්ලේ මෙම මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම පකිස්ථානු හා මැලේසියානු ජාතික ජාවාරම් කරුවන් හා එක්ව සිදු කරනු ලබන බව සොයා ගෙන තිබේ.

ඒ අනුව සිදු කරනු ලැබූ වැටලීමකදී සැකකරුවන් දෙදෙනෙකු සහ එක් සැකකාරියක් පසුගිය 12 වැනිදා අත්අඩංගුවට ගෙන ඇති අතර ජාවාරමේ මහමොළකරු සොයා විමර්ශන ක්‍රියාත්මක වේ.

පෑලියගොඩ ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකට මත්ද්‍රව්‍ය සම්බන්ධ ගණුදෙනුවක් සඳහා ලක්ෂ 23ක් මුදල් බැරවූ බවට ලද තොරතුර ඔස්සේ එම ගිණුම් පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු ජාවාරම සම්බන්ධ කරුණු අනාවරණය කර ගැනීමට හැකියාව ලැබී තිබේ. ගිණුම හිමිකරු මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙක් වන අතර ඔහුගෙන් ප්‍රශ්න කළ විට මගේ ව්‍යාපාරික ආයතනයක සේවය කරන ගැහැණු ළමයෙක්ගෙ මහත්තයගෙ තාත්තාගේ ඉඩමක් විකිණූ මුදල් දාගන්න ගිණුම් අංකයක් ඉල්ලූ නිසා මගේ ගිණුම් අංකයත් මුදල් ආපසු ගැනීමට ඒටීඑම් කාර්ඩ් එකත් ඇයට දුන්නා යැයි ඔහු පොලීසියට පවසා ඇත.

ඉන් පසුව පොලීසියට ලද රහසිගත තොරතුරකින් මෙම ජාවාරමේ මහ මොළකරු මන්නාරම හරහා බෝට්ටුවකින් ඉංදියාවට පැනයාමට සූදානම්ව සිටිනබවත් බෝට්ටු කරුවෙක් මුණගැසීමට මන්නාරමට එන බවත් පවසා ඇත.

පසුගිය 11 වැනිදා රාත්‍රි මන්නාරමේ රැකවල්ලා සිටි පොලීසිය සැකකරුසිය බිරිය සහ දියණිය සමග වෑන් රථයකින් මන්නාරමට පැමිණි අවස්ථාවේදී ඔහුව අත් අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු මෙම ජාවාරමේ තොරතුරු සියල්ල හෙළිකර ඇත.

බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති දේශබන්දු තෙන්නකෝන් බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රී කැලණිය කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අඅධිකාරි රොෂාන් ඩයස් පෑලියගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද විල්ලෝරාරච්චි යන උසස් පොලිස් නිලධාරීන් ගේ උපදෙස් මත කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්‍යංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා පොලිස් පරීක්ෂක මනෝජ් සම්පත් පොලිස්සැරයන් වරුන් වන 33507 ධර්මසිරි 33434 ජයතුංග පොලිස් කොස්තාපල් වරුන් වන 88617 හෙන්නායක 88753 අබේරත්න 73099 දේදුණු යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

රාගම සමූහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here