ඩොනල්ඩ් ට්රම්ප් නැඟූ චෝදනා පුස්සක් වෙයි:
අමෙරිකාවේ මැතිවරණ නීතිය අනුව දෙසැම්බර් මාසයේ දෙවන බදාදාට පසු එළැඹෙන පළමු සඳුදා ඡන්දයෙන් තේරී පත් වූ සියලුම නියෝජිතයන් රැස්වී ඡන්දය ප්රකාශ කරමින් අභිනව ජනාධිපතිවරයා තෝරා ගැනීම සම්ප්රදායයි. මේ අනුව ඊයේ රැස් වූ මහජන නියෝජිතයන් අතරින් ඡන්ද 306ක් ලබාගත් ජෝ බයිඩන් නිල වශයෙන් ජනාධිපති ලෙස තේරුණ අතර ඔහුගේ ප්රතිවාදී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ට හිමිකර ගත හැකි වූයේ ඡන්ද 232ක් පමණි. ප්රාන්තයෙන් ප්රාන්තයට එකතු වූ ආසනවලින් මේ ප්රතිඵලය උදා වූයේ මැතිවරණයේ දූෂණ සිදු වූ බවට ඩොනල්ඩ් ට්රම්ප් නැඟූ චෝදනා පුස්සක් බවට පත් කරමිනි.