කොවිඩ් – 19 වයිරසය ආසාදිතයන් හඳුනා ගැනීමට එක් දිනකදී සිදු කළ වැඩිම පීසීආර් සංඛ්‍යාව 15,239ක් පෙරේදා (13) සිදු කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සමස්තයක් ලෙස පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ 10කට ආසන්නව සිදු කර ඇතැයි ද අමාත්‍යාංශය දැනුම්දෙයි.
රසායනාගාර 26ක් තුළදී දිනපතා පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරන අතර සෞඛ්‍ය ඇමැතිවරිය, ලේකම්වරයා ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සියලුදෙනාගේම කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස එක් දිනකදී සිදු කරන සංඛ්‍යාව 15000 ඉක්මවීමට හැකි වූයේ යැයි ද අමාත්‍යාංශය පවසයි.