වෛද්‍ය සභාවේ නව සභාපතිවරයාට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කරන්න

0
31
Author(s): 
නෙල්කා මැදගෙදර

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නව සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් පස් දෙනකු පත් කිරීමට එරෙහිව එහි හිටපු සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් ගොනු කළ රිට් පෙත්සම කරුණු සඟවා අධිකරණය නොමඟ යවමින් ඉදිරිපත් කර ඇති බැවින් වගඋත්තර කරුවන්ට නොතීසි නිකුත් කිරීමකින් තොරවම එය නිෂ්ප්‍රභ කරන ලෙස සෞඛ්‍ය ඇමැතිවරිය සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අභියාචනාධිකරණයෙන් ඊයේ(14) ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහා පත් කළ නව සභාපතිවරයා සහ සාමාජිකයන් සිව් දෙනා එම තනතුරුවල කටයුතු කිරීම අත්හිටුවන ලෙස ඉල්ලා එහි හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා ඇතුළු සාමාජිකයන් තුන්දෙනකු විසින් ගොනු කර ඇති මෙම රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී එහි වගඋත්තර කරුවන් වෙනුවෙන් මූලික විරෝධතා ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරීල් පුල්ලේ මහතා මෙම ඉල්ලීම කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි.

ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here