සංවර්ධන ගැටලු විසඳීම දිස්ත්‍රික් මට්ටමින් වේගවත් කරන්න – ජනාධිපති කාර්යසාධන බළකායේ සභාපති

0
34

එක සමාන විෂය කාර්යභාරයන් පැවැරී ඇති අමාත්‍යාංශ 04 ක කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් හා රාජ්‍ය අංශ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් දිස්ත්‍රික් මට්ටමේ සංවර්ධන ගැටලු විසඳීමේ වැඩපිළිවෙළ වේගවත් කරන බව ජනාධිපති කාර්යසාධන බළකායේ සභාපති බැසිල් රෝහණ රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

මාතර, රුහුණු විශ්වවිද්‍යාලයේ ඊයේ (14) දහවල් පැවැති “ගම සමඟ පිළිසඳර වැඩ සමඟ යළි ගමට” තේමාව යටතේ වූ ජාතික දැනුම්වත් කිරීමේ දකුණු පළාත් හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

දකුණු පළාත ප්‍රමුඛ දිවයින පුරා සංචාරක ආකර්ෂණය ඇති ස්ථානවල දියුණුවට කෙටිකාලීන‍, මැදිකාලීන හා දිගුකාලීන වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ජනතා නියෝජිතයකු මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රාජපක්ෂ මේ බව කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here