සරසවි වරම් ලද තෙල් සංස්ථා සේවකයන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව

0
33

සරසවි වරම් ලද තෙල් සංස්ථා සේවක සේවිකාවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (11) දෙමටගොඩ ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී උසස් අධ්‍යාපන වරම් ලද දරු දැරියන්ට ඇමැතිවරයා සුබ පැතුම් එක් කළ අතර දරු දැරියන් 36 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනමන ලදි.

එම අවස්ථාව සඳහා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා, තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ, කළමනාකරණ අධ්‍යක්ෂක බුද්ධික මඩිහේවා යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක් වූශ.

 

උපාලි කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here