කහ අස්වනු නෙළීම ජනවාරියේ

0
42

 

ලබන ජනවාරිය වන විට කහ අස්වනු නෙළීමට හැකි බැවින් එළැඹෙන නව වසර සඳහා රටේ කහ හිඟයක් ඇති නොවන බව ස්ථිර වශයෙන්ම පැවසිය හැකියැයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. පී. හීන්කෙන්ද මහතා දිනමිණට ඊයේ (15) පැවැසීය.

ලබන වසරෙහි අග වන විට දැනට වගාකර ඇති කහ ප්‍රමාණයට වඩා දෙගුණයක කහ අස්වනු ලබා ගැනීමට වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් හෙක්ටයාර් 1500කින් ලැබෙන කහ මෙට්‍රික් ටොන් 25,000ක ප්‍රමාණය එළැඹෙන ජනවාරිය වන විට පාරිභෝගිකයන් හට නිකුත් කළ හැකි බවත් පැවසුවේය.

එම කහ මෙට්‍රික් ටොන් 25,000ක ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් 4000ක ප්‍රමාණයක් නැවත හෙක්ටයාර් 3000ක වගා කිරීම සඳහා යොදවන අතර ඉන් ලැබෙන ඵලදාව දෙගුණයක් කර ගැනීමට හැකි බවත් සෑම මාස නවයකටම වරක් කහ අස්වනු නෙළීමට හැකි බවත් කීවේය.

2019 වර්ෂය වෙද්දි ලංකාව කහ ආනයනය සඳහා බිලියනයකට අධික ප්‍රමාණයක් වැය කළා. කහ පිටරටින් ගේන නිසා ශ්‍රී ලංකාවේ වගාකරන කහවලට නිසි මිලක් ලබාගන්න නොහැකි වුණා. ඒ නිසා පිටරටින් කහ ගේන එක සම්පූර්ණයෙන්ම නවත්තලා ලංකාවේ කහ වගාකිරීම ආරම්භ කළා. කහ අස්වැන්නක් ලැබෙන්න මාස 09ක් ගතවෙනවා. පහුගිය මාර්තුවල වවපු කහ ලබන මාසය වෙද්දි නෙළාගන්න අපිට හැකියාව ලැබෙනවා. ඒ කහවලින් කොටසක් නැවතත් වගා කිරීමට යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා නැවතත් කහ හිඟයක් ඇතිවෙන එකක් නැහැ යැයි ඒ මහතා අවධාරණය කළේය.

 

 

 

 

 

නදී මාණික්කගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here