කොළඹ කොරෝනා රටටම අවදානමක්!

0
112

කොළඹ නගර සභාව මනාව කළමනාකරණය කර ගැනීම, කොළඹ දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් ගතයුතු ප්‍රශස්ත තීන්දු තීරණ ගැනීම, බස්නාහිර පළාත සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම මඟින් අනෙකුත් පළාත් 08 තුළ රෝගය ව්‍යාප්ත වීම යම් මට්ටමකට පාලනය කිරීමට හේතුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඊයේ (14දා) පැවැසීය.

“ශ්‍රී  ලංකාවේ අවදානම් තත්ත්වය කේන්ද්‍රගත වෙලා තියෙන්නේ බස්නාහිර පළාතේ. කොළඹින් වාර්තා වෙන රෝගීන්ගෙන් 80%ක් වාර්තා වෙන්නේ කොළඹ මහ නගර සභා සීමාව ඇතුළේ. මේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන තමයි අපි කටයුතු කළ යුත්තේයැයිද අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය.

දළ වශයෙන් දිනකට රෝගීන් 700ක් 750ක් වගේ ප්‍රමාණයක් ශ්‍රී  ලංකාවෙන් වාර්තා වෙන තත්ත්වයක් උදාවෙලා තියෙනවා. මේක දැන් සති දෙකකට කලින් දත්ත බැලුවොත් මේ වගේ තත්ත්වයක් තිබුණේ නෑ. ඉතිහාසයේ දිනකට වාර්තා වූ වැඩිම රෝගීන් ගණන, මරණ ගණන මේ දිනවල වාර්තා වෙමින් තියෙනවායැයිද ප්‍රකාශ කළේය. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවලා තියෙනවා මෙම තත්ත්වය ජනවාරි දක්වා ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බව. අනාගතය සුබදායකද කියලා ඇහුවොත් උත්තරය වන්නේ එය එසේ නොමැති බව“යැයි වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here