තලවකැලේ ලිඳුල නාගසේන සිට ලිදුල ඌවකැලේ දක්වා ධාවනය වු කැබ් රථයක් පෙරේදා (14) පෙරවරු 10.00 ට ඌවකැලේ වත්තේදී අඩි 100 ක පමණ බෑවුමකට පෙරැළීමෙන් එහි ගමන්ගත් අයකු ජිවිතක්ෂයට පත්ව ඇත.
මියගොස් ඇත්තේ කැබ් රථයේ ඉදිරිපස අසුනේ ගමන් ගත් එම්.ඉන්සමාම් (32) නැමැති ලිදුල ප්රදේශයේ පදිංචිකරුවෙකි.අනතුරට ලක්ව ඇත්තේ ඌවකැලේ සිට මෙරායා දක්වා පිහිටි වතු මාර්ගය කොන්ක්රිට් අතුරා ප්රතිසංස්කරණය කිරීමේ කටයුත්තට කම්කරුවන් ප්රවාහනය කරමින් තිබු කැබ් රථයක් බව පොලීසිය පවසයි.
කැබ් රථයේ පිටුපස සේවක පිරිසක් ගමන් කර ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ ඔවුන් සියලු දෙනා කැබ් රථයෙන් ඉවතට පැන දිවිබේරා ගෙන තිබේ.අනතුර පිළිබදව ලිදුල පොලිසිය පරික්ෂණ පවත්වයි.
අසේල කුරුළුවංශ