ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ කාන්තා ක්‍රිකට් ශ්‍රී ලංකාවේදී

0
20

කොවිඩ් වසංගතය හේතුවෙන් 2022ට කල් දැමූ වසර 2021 කාන්තා එක්දින ලෝක කුසලාන තරගමාලාවේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය ලබන වසරේ ජූනි සහ ජූලි මාසවලදී ශ්‍රී ලංකාවේදී පැවැත්වේ. ලෝක කුසලාන තරගමාලාවට සත්කාරක නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව දැනටමත් සුදුසුකම් ලබා සිටින අතර, ඉතිරි කණ්ඩායම් 3 තෝරාගනු ලබන්නේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියෙනි.

කාන්තා ලෝක කුසලාන තරගමාලාවේ කාලසටහන පසුගියදා එළිදක්වමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය එළි දැක්වීය. වසර 2022 මාර්තු මාසයේ 4 වැනිදා සිට නවසීලන්තයේ පැවැත්වෙන මේ තරගමාලාවේ අවසන් මහා තරගය අප්‍රේල් මස3 වැනිදා දිවාරාත්‍රී තරගයක් ලෙස ක්‍රයිස්චර්ච් නුවර දී පැවැත්වීමට නියමිතය.

කණ්ඩායම් 8ක් තරග වදින කාන්තා එක්දින ලෝක කුසලාන තරගමාලාවට තරග 31ක් ඇතුළත් වන අතර නවසීලන්තයේ නගර 6කදී තරග පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ලබන වසරේ ජූනි සහ ජූලි මාසවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලිය මඟිනි.

1973 වසරේ එංගලන්තයේදී ආරම්භ කළ කාන්තා එක්දින ලෝක කුසලාන තරගමාලාව ලොව පැරැණිතම ක්‍රිකට් ලෝක කුසලාන තරගමාලාව වන අතර, පිරිමි එක්දින ලෝක කුසලාන තරගමාලාව ආරම්භ වූයේ ඊට වසර දෙකකට පසු 1975දීය. මේ වනවිට රටවල් 5කදී තරගමාලා 11ක් පවත්වා ඇති අතර, ඉන් එංගලන්තය සහ ඉන්දියාව අවස්ථා 3 බැගින් සත්කාරකත්වය ලබා දී ඇත. කාන්තා එක්දින තරගමාලා ඉතිහාසයේ වැඩිම වාර ගණනක් කුසලානය ජයගත් කණ්ඩායම ලෙස වාර්තාපොතට එක්වී සිටින ඔස්ට්‍රේලියාව අවස්ථා 6කදී ශූරතාව දිනා ගත්තේය. මීට අමතරව එංගලන්තය අවස්ථා 4කදී ලෝක කුසලානය දිනා තිබේ. මෙවර සත්කාරකත්වය ලබා දෙන නවසීලන්තය එක් අවස්ථාවකදි කාන්තා එක්දින ලෝක ශූරියෝ බවට පත්වූහ. අවසන් වරට 2017දී පැවැති කාන්තා ලෝක කුසලාන තරගමාලාවේ ශූරතාව දිනාගනු ලැබුවේ එංගලන්තය විසිනි.

 ෆවුස් මොහොමඩ්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here