
අද පස්වරුවේ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ගින්නක් හටගෙන තිබේ. ගින්න නිවීම සදහා කණ්ඩායම් මෙන්ම ගිනි නිවීමේ රථ 09ක් ඒ සදහා යොදවා තිබුණි.
එම ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම නිවා දැමීමට කටයුතු කර ඇති අතර අදාල ගින්න හටගෙන ඇත්තේ අධිකරණයේ අබලි ද්‍රව්‍ය පිහිටි ගබඩාවක වන බවත් එම ගින්නෙන් අධිකරණයේ ලිපි ලේඛන වලට කිසිදු හානියක් සිදු වී නැතැයි අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරයි.
The post ශ්‍රේෂ්ඨාධිකරණයේ ගින්නක්. appeared first on Lanka News Column.