සිංගප්පූරුවටත් විස්සයි20 අවස්ථා

0
16

වසර 2022 අයිසීසී විස්සයි20 පිරිමි ලෝක කුසලාන තරගමාලාවට නැගෙනහිර ආසියා පැසිෆික් කලාපයෙන් සුදුසුකම් ලබන කණ්ඩායම තෝරාගැනීමට ජපානයේ පැවැත්වෙන තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව සිංගප්පූරුවට හිමිවී තිබේ.

විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව සඳහා සුදුසුකම් ලබන නැගෙනහිර ආසියා පැසිෆික් කලාපයීය තරගාවලිය ලබන වසරේ ඔක්තෝබර් මාසයේ ජපානයේ දී පැවැත්වෙයි.

සිංගප්පූරුව සමග පැපුවා නිව්ගිනියා, සිම්බාබ්වේ, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය මේ තරගාවලියට එක් වන අතර, ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගමාලාවේ අවසන් කණ්ඩායම් 4ත් ඊට ඇතුළත් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here