හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මහරූෆ් CID අත්අඩංගුවට

0
35
2015-2019 යහපාලන ආණ්ඩුව සමයේ ලංකා සතොස ආයතනයේ වාහන අවභාවත කිරීමේ චෝදනාව මත ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ් මහතාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. 
 
ඊයේ(14) රාත්‍රියේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 
 
එම චෝදනාව සම්බන්ධයෙන් මාතලේ පදිංචි මොහොමඩ් අස්ලාම් නැමැති පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
 
අබ්දුල්ලා මහරූෆ් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂය නියෝජයනය කරනු ලබයි.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here