හෙරොයින්වලට ලී කුඩු හා අයිස්වලට වීදුරු දමා සුරාබදු හොරු කැළ කුඩු කිලෝ 110ක් හොරෙන් පන්නයි!

0
27

සුරාබදු දෙපාර්තමේන්තුව මාරවිල, තොඩුවාවේදී අත්අඩංගුවට ගත් රු. කෝටි 300ක හෙරොයින් සහ අයිස් කිලෝග්‍රෑම් දෙසීයෙන් කිලෝ 110ක් මුහුද මැදදීම පන්නා ඇතැයි කියන සිද්ධියක් පිළිබඳ පුළුල් පොලිස් විමර්ශනයක් ඇරැඹී තිබෙනවා.

සුරාබදු නිලධාරීන් නාවික හමුදා යාත්‍රාවකින් ගොස් මීගමුවේ සිට ලී කුඩු කිලෝහැටක් හා වීදුරු කැබලි රැගෙනවිත් මුහුද මැදදී මත්ද්‍රව්‍ය වෙනුවට ඒවා මාරු කළ බව කියන සිද්ධිය සම්බන්ධව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යටතේ මෙසේ විමර්ශන ඇරඹී තිබුණා.

වැටලීමෙන් පසු සුරාබදු දෙපාර්තමේන්තුව ඉකුත් 6 වැනිදා මාරවිලින් මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගත්ත.

මෙම හෙරොයින් හා අයිස් කිලෝ දෙසීය මෙරටට ගෙන ඒමට සැලසුම් කළ ප්‍රධාන සැකකරු බව කියන දේවගැතිවරයකු හා අඹුසැමි යුවළක් කොළඹ උතුර පොලිස් විශේෂ කාර්යාංශය හා කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පෙරේදා (13 වැනිදා) අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු මත මෙම විමර්ශන ඇරඹී ඇති බව සඳහන්.

මෙම මත්ද්‍රව්‍ය ජාත්‍යන්තර මුහුදට ගොස් අත්අඩංගුවට ගෙන එහි ට්‍රෝලරයේ ‘ස්කිපර්’ ඇතුළු හත්දෙනකු මුදාහැර ඇති අතර ගොඩබිමේදී ඒවා භාර ගැනීමට සිටි බව කියන පිරිස පමණක් අධිකරණයට ඉදිරිපත් කිරීමට සුරාබදු නිලධාරීන් කටයුතු කර ඇතැයි දැනට කරන ලද විමර්ශනවලදී හෙළිවෙමින් ඇති බව සඳහන්.

එම පිරිස හා ට්‍රෝලරය සොයා පොලිස් කණ්ඩායම් ඊයේ (14 වැනිදා) එම ප්‍රදේශවලට ගොස් ඇතත් සැකකරුවන් නිවෙස් අතහැර ගොස් තිබුණා.

සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයෙන් හෙරොයින් කිලෝ 40ක් සමග ලීකුඩු කලවම් කර මුහුද මැදදීම පැකට් 100ක් සාදා ඇති බව අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ප්‍රකාශ ලබාදී තිබෙනවා.

එම බෝට්ටුව ගොඩබිමට පැමිණෙන විට බත්තරමුල්ලේ සංජු නමැත්තාගේ උපදෙස් පරිදි ඒවා බෙදාහැරීමට හතර දෙනකු ගොඩබිම සිට ඇති අතර සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ එම සිව්දෙනා පමණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here