පානදුරේ සැක සහිත මරණයක් PCR නොකරම භූමදානය කරලා?

0
49

පී. සී. ආර්. පරීක්‍ෂණය සඳහා පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තිබූ මළ සිරුරක් කිසිදු පරීක්‍ෂණයකින් තොරව පානදුර තොටවත්ත ප්‍රදේශයේ සුසාන භූමියක මිහිදන් කිරීම සම්බන්ධයෙන් පානදුර ප්‍රදේශවාසීන් අතර ඊයේ (15දා) දැඩි ආන්‍ෙදා්ලනයක් ඇති විය.

මෙලෙස මියගොස් තිබුණේ පානදුර උතුර තොටවත්ත කලිෆා මාවතේ පදිංචිව සිටි 72 පුද්ගලයෙකි. දිනෙන් දින කොරෝනා ආසාදිත රෝගීන් වාර්තා වන පානදුර තොටවත්ත ප්‍රදේශයේ පුද්ගලයකු නිවෙස තුළදී මියයාමෙන් අනතුරුව එම මළ සිරුර පී. සී. ආර්. පරීක්ෂණයට භාජන නොකර මිහිදන් කිරීමට පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් පානදුර ප්‍රදේශයේ දැඩි ආන්‍ෙදා්ලනයක් මේ වන විට හටගෙන ඇත.

ඉකුත් 13 වැනිදා මෙම පුද්ගලයා මියගොස් සිටි අතර පෙරේදා (14දා) උදේ එම ප්‍රදේශය හදිසි මරණ පරීක්‍ෂකවරයාගේ දැනුම්දීම මත මියගිය පුද්ගලයාගේ ඥාතීන් පානදුර උතුර පොලිසියට පැමිණීමෙන් අනතුරුව එම අවස්ථාවේ රාජකාරි කරමින් සිටි එම ප්‍රදේශයේ භාර මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයාගේද, පානදුර මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ උපදෙස් මත මළ සිරුර පී. සී. ආර්. පරීක්‍ෂණ සඳහා පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමුකර තිබිණි.

මළ සිරුර එම පරීක්‍ෂණ සඳහා තිබියදී වෙනත් අධිකරණ වෛද්‍ය නිලධාරියකු ඊයේ (14දා) දින රාජකාරි යෙදී සිටියදී මෙම මළ සිරුර පී. සී. ආර්. පරීක්ෂණයකින් තොරව රැගෙන ගියේ කාගේ බලපෑමකට දැයි ප්‍රදේශවාසීහු ප්‍රශ්න කරති.

මියගිය පුද්ගලයාගේ නිවෙස ආසන්නයේම නිවෙස් කිහිපයක පුද්ගලයන් කිහිපදෙනකු  ආසාදිතයන් බවට පත්ව ඇති අතර තොටවත්ත ප්‍රදේශයෙන් මේ වන විට කොරෝනා වයිරසය ආසාදිතයන් පනහකට ආසන්න

ප්‍රමාණයක් දින කිහිපයක් තුළ දී වාර්තා වී තිබූ බව සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ පිළිබඳව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ උදය රත්නායක මහතාගේ විමසීමේ දී ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකර සොයා බලන බව පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here